සුබ දවසක් කස්ටියටම. අද මම කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ඒ තමා ලෝකයේ මෙතෙක් බිහි වී ඇති භයානකම හැකර්වරුන් පිළිබඳව. මේක දාන්න ටිකක් පරක්කු උනේ post එක ටිකක් දිග නිසා හදන්න වෙලා ගියා. අපි මුලින්ම බලමු හැකින් කියන්නේ මොකක්ද? කොහොමද කරන්නේ ආදී විස්තර.
හැකර්කරුවෙකුගේ මුලිකම ලක්ෂණය වන්නේ ඔහු පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිලිබඳ ඉහල දැනීමක් තිබීමයි. එමෙන්ම ඔහු පරිගණක ක්‍රමලේඛ පිලිබඳ ඉහල වැජබෙන්නෙකි. උදාහරණයක් ලෙස පරිගණක හකර්වරයෙක් c, c++, pyhton, java වැනි පරිගණක ක්‍රමලේඛන පිලිබඳ මනා අවබෝධයක් සහ ඒ පිලිබඳ ගැඹුරු අධ්‍යනයක් කර ඇත්තෙකි. එමෙන්ම ඔහුගේ ගණිතමය හැකියාව සහ සිතීමේ හැකියාව ඉතා ඉහල මට්ටමේ පවතී. මෙම හැකර්වරු ප්‍රධාන කාණ්ඩ 02කි.
01. White Hat Hacker :- මොවුන් අපරාධ සිදුකරන අය නොවේ. මෙයාල බොහොවිට සාමාගම් ආදියෙහි වැඩ කරන පිරිස් වේ. උදාහරණ ලෙස Google, Facebook, Microsoft ආදී ආයතන වල ආරක්ෂක අංශයේ වැඩකරන පිරිස් සහ ඒ ඒ රටවල පරිගණක ආරක්ෂක අංශවල වැඩකරන පිරිස් දැක්විය හැක. මොවුන්ගේ කාර්යය එම ආයතන වලට අයත් වෙබ් අඩවි, Data storage Server ආදිය හැක්රවරුන්ගෙන් බේරා ගැනීමයි.
02. Black Hat Hacker :- මෙයාලා තමයි ගොදැක්ම භයානක අය. මෙයාල තමයි පරිගණක අපරාධ වලට සම්බන්ධ බොහෝ අපරාධ වලට මුලික වන්නේ. මොවුන් මේ ආකාරයේ අපරාද කරන්නේ මුදල් ඉපයීමට හෝ ආරක්ෂිත වටිනාකමකින් යුත් දත්ත පිටස්තරයට ලබා දීමයි. (Privacy) මොවුන් බොහෝ විට වැඩ කරන්නේ ත්‍රස්තවාදී පිරි හෝ එවැනි ක්‍රියා වලට සම්බන්ධ පුදගලයින් යටතේයි.
හරි එහෙනම් පසුබිම් කතාව ඇති. අපි මාතෘකාවට බහිමු. අද මම මේ ලිපියෙන් ඔයාලට කියල දෙන්නේ Black Hat Hacker ගැන විතරයි.
1. Kevin Mitnick
මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ Kevin Mitnick. මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙයා හැකින් කියන දේ පටන් ඇරන් තියෙන්නේ අවුරුදු 15දී. මෙයා හැකින් වලින් අපරාධකාරයෙක් වෙන්න පටන් ගන්නේ 1996 ඉදන්. එතකොට මෙයාට වයස අවුරුදු 33යි. එතන ඉදන් මෙයා එක දිගට අවුරුදු 3ක් විතර එක දිගට කරපු හැකින් වලින් අවුරුදු ඩොලර් මිලියන 15කට වඩා හොයාගෙන තියනවා කියලයි වාර්ථා වෙන්නේ. තවත් තැන් වල මේ ගාන ඊටත් වඩා වැඩි වෙන්වා කියලයි කියන්නේ.
1999 වෙන කොට ඇමරිකාවේ අපරාධකරුවන්නේ ලිස්ට් එකේ උඩින්ම හිටියේ මෙයා. කොහොම හරි මෙයා 1999 පොලිස් අත්තඩන්ගුවට පත් වෙනවා. ඒ වෙන කොටත් මෙයා IBM, MOTOROLA, දුරකතන සමාගම් විතරක් නෙමෙයි ජාතික ආරක්ෂක අනතුරු ඇගවීමේ පද්දතිය පවා හැක් කරලා තිබ්බා.
කොහොම හරි මෙයාට අවුරුදු 3කට අච්චු කරලා යැව්වේ. ඒ උනාට මෙයාගේ හොද කල්කිරියාව හින්දා මෙය අවුරුද්දකින් එලියට ආවා. පස්සේ මෙයා ආරක්ෂක මෘදුකාංග නිපදවීමේ සමාගමක ප්‍රධාන නිලධාරියෙක් විදියට වැඩ කරනවා. අදටත් මෙයා ඒ සමාගමේ වැඩ කරන කෙනෙක්. ඒ අතර මෙයා හැකින් ගැන ඉගෙන ගන්න කැමති අයට ඒ වෙනුවෙන් ගොඩක් පොත් ලියනවා.
2. Vladimir Levin
මෙයා රුසියානු හැකර් කෙනෙක් වගේම අසාමන්‍ය බුද්ධියක් තිබුන කෙනෙක්!!
හැකර් කෙනෙක්ට වඩා මෙයා ගණිතඥයෙක් වගේම ජෛවරසායන විද්‍යාවේ උපාධිදාරියෙක්!!
1994 දී මෙයා ශාන්ත පීටර්ස්බර්ග් වල තියන නවාතැනක ඉදන් Dial-Up Connection එකක් හා ලැප් ටොප් එකක් පමණක් භාවිතා කරලා එරට තියන විශාලම බැංකුව වන CityBank එකේ තියන ගිණුම් විශාල සංඛයාවකින් ඩොලර් මිලියන 10.7ක් හොරකම් කරලා තියනවා. මෙයා ඒ සල්ලි ෆින්ලන්තය, ඇමරිකාව, නෙදර්ලන්තය හා ඊශ්‍රායලය වගේ රටවල් කිහිපයක තියන ගිණුම් වලට මාරු කරලා තියනවා. මේ ගිනුම් වලින් සල්ලි ගන්න කෙනෙක් අල්ල ගත්ත පොලිසිය කොහොම හරි මෙයා ගැනත් තොරතුරු වමාරපු හින්දා තමයි මෙයා අහුවුනේ!!!
අවසානයේ මෙයා වැරැද්ද පිලිගත්ත නිසා අවුරුදු 3ක් හිරේ ඉන්න වුනා වගේම හොරකම් කරපු සල්ලි ගෙවන්නත් වුනා. කොහොම වුනත් තවත් මිලියන 4ක් මෙයාගෙන අය කර ගන්න බැරි වුණා.
නමුත් 2005 දී නාදුනන හැකර් කණ්ඩායමක් මේ හොරකමේ වගකීම බාර ගන්නවා කියලා කිව්වා. ඔවුන් කිව්වේ වැලැදිමීර් තමන් වෙනුවෙන් පොලීසියට අහු වුනා කියලා. නමුත් පස්සේ ඔප්පු වුණා ඒක ජනප්‍රිය වෙන්න කියපු කතාවක් කියලා!!!!
3. Matthew Bevan & Richard Pryce
1996 දී මේ දෙන්නා ඇමරිකානු හමුදා පරිගනක ජාලයට හොරෙන් ඇතුළු වෙන කොට මේ දෙන්නගේ වයස පිලිවෙලින් 16 හා 21යි.
මේ ඩබල එතනින් වැඩේ නවත්තලා නෑ. මෙයාලා උතුරු කොරියානු හමුදා පරිගනක ජාලයටත් හොරෙන් ඇතුළු වෙලා. මේ වැඩේ ගැන මෙයාලා දුර දිග නොබලා කරපු වැඩක් උනත් 3 වන ලෝක යුද්ධේ පවා සිදුවෙන්න මේක හේතු වෙන්න තිබුණා.
වාසනාවට මෙයාලට උතුරු කොරියානු හමුදා පරිගනක ජාලයෙන් හොරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ දකුණු කොරියාව සම්බන්ධ දත්ත ටිකක් නිසා වැඩේ ගොඩක් දුර දිග ගිහිල්ලා නෑ.
වෙන හැකර්ලා වගේ සල්ලි හොරකම් කරන්න හරි වයිරස් හදන්න වගේ වැඩක් නොකර මේ වගේ මෝඩ වැඩක් කරපු හින්දා තව චුට්ටෙන් මුළු ලෝකෙම විනාශ වෙන්නත් තිබුනා
4. Michael Calce
හැකර්ලෝකේ අය මෙයාට කියන්නේ MafiaBoy කියලා. මෙයා නම් ඇත්තටම මාෆියා කෙනෙක් තමයි. මෙයා 2000 දී ඉස්කෝලේ ඉන්න කාලේ ලෝකේ විශාල වෙබ් අඩවි විශාල සංඛයාවකට DDoS Attack එකක් කරලා තියනවා. ඒ වෙබ් අඩවි අතර Yahoo!, Fifa.com, Amazon.com, Dell, Inc., E*TRADE, eBay, සහා CNN වගේ අඩවිත් තියනවා.
මෙයා මේ පහරදීමට කියලා තියෙන්නේ Project Rivolta කියලා. මෙයා කරපු වැඩෙන් සමහර සයිට් වලට යන්නවත් බැරි උනා විතරක් නෙමෙයි තාවකාලිකව විසන්ධි වීමක් පවා සිදු වුණා. මේ සේරම කරන්න මෙයාට ගිහින් තියෙන්නේ සතියයි.
කොහොම වුනත් මෙයත් අන්තිමේදි අත්තඩංගුවට පත් වුනා. මෙයා ඒ වෙනකොටත් පාසල් යන කෙනෙක් හින්දා මෙයාට දුන්නේ මාස 8ක සිරදඩුවමක් පමණයි.
5. Adrian Lamo
මෙයත් Yahoo, Microsoft, Newsworthiness, BankofAmerica, CNN වගේ සයිට් හැක් කරපු කෙනෙක්. ඒත් මෙයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයා හැක් කරපු විදියෙන්!
උඩින් කිව්ව සයිට් ඔක්කොම හැක් කරන්න මෙයා පාවිච්චි කරලා තියෙන්නේ පුස්තකාල, කෝෆි කඩ වගේ පොදු තැන් වල තියන Internet Connection. මේ හින්දා මෙයාට සමහරු කියලා තියෙන්නේ Homeless Hacker ( හිඟන හැකර් ) කියලා.
අනිත් අයට වෙච්ච දේම තමයි මෙයාටත් අන්තිමට වුනේ. මාස 6ක් හිරේ කූරු ගනින්න උනා. ඒ මදිවට ඩොලර් 65,000 ක දඩේකුත් ගෙවන්න වුණා.
6. Jeanson James Ancheta
හරියට නිකන් ටොනී ජා වගේ නේද? මෙයත් ටොනී ජා වගේ සිරා වැඩ කාරයෙක් තමයි. අහලා තියනවද BotNet කියන දේ. BotNet එකක් කියන්නේ Hardware හෝ Software එකක් පාවිච්චි කරලා පාවිච්චි කරන කෙනාගේ දැනුවත් වීමකින් තොරව වෙන කෙනෙක්ට පාලනය කරන්න පුලුවන් විදියට හදා ගන්නවා. මේ විදියට ගොඩක් කොම්පුටර් එකතු කරලා එක එක වැඩ වලට යොදා ගන්න එකට තමයි BotNet කියන්නේ!!!
උඩ ඉන්නේ අන්න ඒ ක්‍රමේ හොයා ගත්ත හැකර් අයියා තමයි. එයා හදපු Orex කියන Worm වර්ගයේ වයිරස් එකෙන් එයා ලෝකේ පුරා Computer 500,000 වඩා එකතු කරලා BotNet එකක් හැදුවා. ඒ ගොඩේ ඇමරිකානු ආරක්ෂක අංශයේ ඒවා පවා තිබුනා!!!
මෙයා මේ BotNet එක පාවිච්චි කරලා සල්ලි ඇරන් වෙබ් සයිට් වලට කෙලවන්න පටන් ගත්තා. අන්තිමට කොහොමහරි මෙයාට ඕඩර් එකක් දුන්න එකෙක් FBI එකට අහු උනාට පස්සේ වමාරපු දේවල් වලින් තමයි ලෝකෙම මෙයා ගැන දැන ගත්තේ.
කොහොමහරි අන්තිමට මෙයත් පොලිස් මාමලට අහු උනා. ඒ වෙනකොට එයා අතේ තිබ්බ BMW එකයි ඩොලර් 500,000 ක මුදලුයි රාජසන්තක වුණා. ඒ මදිවට මාස 18ක සිර දඩුවමකුයි ඩොලර් 600,000 ක දඩයකුයි මෙයාට ගෙවන්න වුණා.
7. Gary Mckinnon
මේ ස්කොට්ලන්ත ඩයල් එක තමයි මේ වෙනකොට ලෝකේ වෙලා තියන ලොකුම ජාතික ආරක්ෂක අංශයක් හැක් කිරීමේ මෙහෙයුමේ මහමොළ කාරයා
මෙයා ඇමරිකානු ජාතික ආරක්ෂක අංශයේ මූලස්ථාන 97ක පරිගනක හා NASA එකේ පරිගනක පද්ධතියට හොරෙන් ඇතුලු වෙලා ඒවයේ තියන දේවල් සේරම හොරෙන් උස්සලා තියනවා. මේ සේරම එයා කරල තියෙන්නේ 2001-2002 ඇතුලත. එයාගේ Girlfriend ගේ නැන්දගේ ගෙදර ඉදන්.
ඒ විතරක් නෙමෙයි. මෙයා පැය 24ක් ඇතුලත පරිගනක 2000 කට රිංගලා ඒවයේ තියන වටිනවා කියන හැමදේම හොරෙන් උස්සලා. මෙයා ඇමරිකානු රජයට විතරක් කරපු පාඩුව ආසන්න වශයෙන් 700,000 $ වෙන්වා.
කොහොමහරි මෙයාට දඩුවම් දෙන්න ඇමරිකානු රජයට අයිති නෑ කියලා ස්කොට්ලන්තේ කිව්ව නිසා මෙයා බේරුනා. කොහොමහරි සේරම දේවල් ස්කොට්ලන්තයත් ශේප් එකේ හංගලා දැම්මා.
8. Owen Walker
හැකර්ලා මෙයාට කියන්නේ AKILL කියලා. මෙයා අවුරුදු 17 දී ලෝකේ තියන ලොකුම හැකර්වරුන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා ඩොලර් මිලියන 27ක විනාශයක් සිදු කලා!!
පාසල් අධ්‍යාපනයවත් හරියට නොලැබුණු මෙයා නිර්මාණය කරන BotNet වයිරසයක් හින්දා ලෝකේ තියන කොම්පියුටර් මිලියන 1.3ක් විනාශ වෙනවා.
කොහොමහරි මෙයා පොලීසියට අහුවෙනවා. ඒත් මෙයාව කිසිම චෝදනාවකින් තොරව නිදහස් කරනවා. දැන් මෙයා නවසීලන්තේ විදුලි සංදේශ හා නියාමන කොමිසමේ පරිගනක ආරක්ශක අංශේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා.
9. ASTRA
ඇත්තටම මේ හැකර් ගැන කිසිම පෞද්ගලික තොරතුරක් කවුරුත් දන්නේ නෑ. අඩුම තරමේ මෙයාගේ නිවැරදි නමවත් කවුරුත් දන්නේ නෑ. මෙයාගේ වයස 58ක් කියන එක හා ග්‍රීක ගණිතඥයෙක් බව විතරයි කට්ටිය දන්නේ. අඩුම තරමේ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලාවත් දන්නේ නෑ.
මෙයා හැකර් කෙනෙක් විදියට වැඩට බැහැලා තියෙන්නේ 2002 හා 2008 යන කාලය තුලයි. ඒ කාලය තුලදී මෙයා නවීන ආයුද පිලිබද තොරතුරු හා තවත් අබිරහස් උපකරන විශාල ප්‍රමාණයක තොරතුරු විවිධ සමාගම් වලින් හොරෙන් උස්සලා ඒවා ලෝකේ වටේ ඉන්න ගැණුම්කරුවන්ට ඩොලර් මිලියන 361 කට වඩා වැඩි මුදලකට විකුනලා තියනවා.
මෙයාව අත්තඩංගුවට ගන්න කිහිපවරක්ම උත්සහා කරලා තිබුනත් ඒ කිසිම වෙලාවක මෙයාව හොයාගන්න බැරි වෙලා තියනවා.
10. Albert Gonzalez
දැනුයි මම ලිස්ට් එකේ ඉන්න භයානකම හැකර් ගැන කියන්න යන්නේ ...!!!!
මෙයා අවුරුදු 2ක් ඇතුලත ක්‍රෙඩිඩ් කාඩ් අංක මිලියන 175ක් හොරකම් කරලා තියනවා.,!! ඒවා ඔන්ලයින් විකුනන්න දාලා!!!!
මෙයා කරපු වැඩෙන් වෙච්ච පාඩුව තාමත් ඇස්තමේන්තු කරලා නෑ. සමහර විට බිලියන ට්‍රිලියන ගානක් වෙන්න පුළුවන්.
කොහොම වුනත් මෙයත් අන්තිමට අවුරුදු 14කට මහ උළු ගෙදරට යැව්වා
අම්මෝ අතත් රිදෙනවා Type කරලා. අදට මම නවතිනවා සුභ දවසක්...
0 comments:
Post a Comment