CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Monday, April 13, 2015

වැඩසටහන් නිර්මානයට Python අර්ථවින්‍යාසකය භාවිතා කරන ආකාරය | Python Lesson 1

මුලින්ම ඔයාල python interpreter එක install කරගන්න ඕනේ..ඒ නිසා මුලින්ම ඔයාලගෙ පරිගනකයට ගැලපෙන විදිහට download කරගෙන install කරගන්න..





මෙතනදි ඔයාලට පේනවා ඇති මේ වෙනකොට python 2.7 කියන version එකයි 3.4 කියන version එකයි දෙකම භාවිතා වෙනවා..
ඒ උනත් මම මෙතනදි පාඩම් ඉදිරියට කරගෙන යන්නේ 2.7 version එක භාවිතා කරලා..මේ 2 අතර පොඩි වෙනසකම් වගයක් තමා තියෙන්නේ..එ උනත් 2.7 වල භාවිතා කරපු program ගොඩක් 3.4 වලදි භාවිතා කරන්න බැරි වෙලා තියනවා..මොකද python 2.7 version එකේදි භාවිතා උන සමහර statement 3.4 වලදි Function වලට හරවල තියනවා..

ඒත් එක්කම ගොඩක් third party modules තාමත් support කරන්නේ 2.7 version එකට විතරයි..මම විස්වාස කරනවා 2.7 ඉගෙන ගත්ත කෙනෙකුට 3.4 අල්ල ගන්න එක හරිම ලේසි කියලා..

හරි එහෙනම් දැන් ඔයාල 2.7 version එක install කරගත්තට පස්සේ පේනවා ඇති

  1. IDLE (Python GUI)
  2. Python (command line)
විදිහට දෙකක් තියනවා..මේ දෙකේ වෙනස තමා python command line එක ගත්තම අපේ පරිගනකයේ තියන Command Prompt(CMD) හරහා python interpreter එක ක්‍රියාත්කම කරවන එක කරනවා..

ඒ උනත් මේක පාවිච්චි කරන එක ටිකක් විතර අප්‍රසන්න දෙයක් නිසා පාවිච්චි කරන අයට හිතට අල්ලන GUI Application එකක් විදිහට හදපු එක IDLE(IDE-Integrated Development Environment) කියලා හදුන්වනවා..මේ IDE එකක් පාවිච්චි කරාම ලොකු program හදන්න වගේම debugging(දෝෂ නිවැරදි කිරීම) ලේසියෙන් කරන්න පුලුවන්.


මේ IDE එකට අමතරව තව වැඩ කෑලි තියන NetBeans,PyCharm වගේ IDE තියනවා..මම ලොකු program හදද්දි PyCharm IDE එක පාවිච්චි කරනවා..ඔයාලටත් පුලුවන් ඕනෙනම් ඒ වගේ IDE එකක් පාවිච්චි කරන්න..

ඔන්න දැන් අපි පලවෙනිම වැඩසටහන හදන්න යන්නේ..

print 'Hello World'


ඔන්න එතකොට Hello World කියලා output එකක් එනවා..python වලදි අපි වැඩසටහනක් run කරලා මොකක් හරි ප්‍රතිඵලයක් ගන්නවනේ..අන්න ඒක output කරන්න පාවිච්චි කරන්නේ මේ print statement
එක..

හොදයි එහෙනම් මේ Python අර්ථවින්‍යාසකයේදි භාවිතා කරන laws අපි ඊලග ලිපි වලින් බලමු..

3 comments:

  1. python 3.3.0 ekka pythonwin 3.0 install karagena post tikakuth karanna.

    http://sourceforge.net/projects/pywin32/files/pywin32/Build%20219/
    https://www.python.org/download/releases/3.3.0/

    ReplyDelete
  2. Thank you Sir,I will do it soon

    ReplyDelete