සුභ දවසක් ඔයාල හැමෝටම. අද මම කියල දෙන්න යන්නේ Google chrome එකේ offline setup එකක් හදා ගන්න විදියයි.
ඔයාල දන්නවනේ Google chrome කියන්නේ බොහෝ දෙනෙක් භාවිතා කරන web browser එකක්.
එත් ඔයාල දන්නවනේ ඒක install කරන්න පුළුවන් අන්තර්ජාලය ඇති තැනකදි විතරයි. ඒ කරලා බැරිවෙලාවත් computer එක format කරන්න උනොත් එහෙම අයෙමත් අන්තර්ජාලය හරහා ඒක install කරගන්න ඕනේ. එකෙන් වෙන්නේ අපගේ internet data කැපෙන විතරයි. ඒ නිසා මම ඔයාලට කියල දෙන්න යන්නේ Google chrome එකේ offline setup එකක් හදා ගන්න විධියයි. ඒ කියන්නේ අන්තර්ජාලය නොමැති තැනකදී පවා install කරගත හැකිය. හැබැයි එක පාරක් Google Chrome එක පාරක් install කරගන්න ඕනි අන්තරජාලය හරහා. හරි දැන් මම කියල දෙන විදියට කරන්නකෝ.
01. ඉස්සරවෙලාම machine එකේ hide file enable කරලාඉන්න.
Control panel > Appearance and Personalization > Folder Options > View
02. හරි ඊට පස්සේ මම යටින් දාල තියෙන path එකේ විදියට යන්න.
C:\Users\Isuru\AppData\Local\Google\Chrome\Application\39.0.2171.71\Installer
* සැලකිය යුතුයි :- මෙහි රතු කොටසින් පාට කර ඇති කොටස ඔබගේ පරිගණකයට යොදා ඇති නාමය අනුව වෙනස් වේ. කහ පාටින් පාට අකර ඇති කොටස ඔබගේ Google chrome එකේ version එක අනුව වෙනස් වේ.
03. එතන තියෙනවා පල්ලෙහා රූපේ තියෙන විධියට file දෙකක්. ඒ දෙක ඔයාට අවශ්‍ය තැනකට copy කරගන්න.
04. දැන් ඔයාලගේ offline setup එක හරි. දැන් ඔයාලට එකේ තියෙන setup කියන application එක double click කරාම Google Chrome එක ඉබේම ඔබගේ පරිගණකයේ ස්ථාපනය වෙනවා.
* සැලකිය යුතුයි :- මෙම folder එකේ ඇති කිසිම ගොනුවක් delete නොකරන්න.
ඉදිරියේදී ඔයගොල්ලොන්ට ඕනෑම software එකක් portable application එකක් ලෙස හදා ගන්න විදිය කියල දෙන්නම්.
එහෙනම් මම යනවා. සුභ දවසක්.
๑۞๑,¸¸,ø¤º°`°๑۩ [ Good Bye ] ๑۩ ,¸¸,ø¤º°`°๑۞๑
0 comments:
Post a Comment