හොදයි එහෙනම් ඔන්න Python Language එක ගැන පාඩම් මාලාව ආරම්භ කරන්න තමා යන්නේ..ඒත් ඊට කලින් මේ programming languages ගැන සහ programmers ගැන පොඩි හැදින්වීමක් කරන්න ඕනේ..
මොනවද මේ Programming Languages කියන්නේ?
අපි නූතන ලෝකයේ පාවිච්චි කරන්නේ විද්‍යුත් පරිගනක.මේ විද්‍යුත් පරිගනක වල හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ ද්විමය ක්‍රියාවලියකින්..ඒ කිව්වේ එක්කෝ විදුලිය තියනවා..නැත්තන් නෑ..(True or False,1 or 0 etc.)පරිගනකයට අදුරගන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙක විතරයි..
ඒත් ඉතින් අපි පරිගනකයක් භාවිතා කරනනේ අපේ යම්කිසි බරපතල වැඩක් ලේසියෙන් කරගන්න ඕන නිසානේ..ඒත් මේ පරිගනකයට කිසිම බුද්ධියක් නෑ තමන් මොකක්ද කරන්න ඕන කියලා තීරනය කරන්න..අපි එයාට මුල ඉදලා අගටම කියලා දෙන්න ඕනේ මොන විදිහටද වැඩ කරන්න ඔන කියලා..
අන්න එහෙම කියලා දෙන්න නම් පරිගනකය සහ අපි අතර යම් කිසි විදිහකට අදහස් හුවමාරුවක් වගේ දෙයක් වෙන්න ඕනේ..ඒකට තමා අපිට පොදු භාෂාවක් ඕන කරන්නේ..
උදාහරනයක් විදිහට හිතන්න අපි ලග ඉන්නව රුසියන් ජාතිකයෙක්..අපිට ඕනේ මේ රුසියන් ජාතිකයට 10 පාරක් උඩ පනින්න කියල කියන්න...ඒත් අපි ඒක සිංහලෙන් කිව්වොත්...ඒක එයාට තේරෙන්නේ නෑ..එයා රුසියන් භාෂාවෙන් අපිට දෙයක් කිව්වොත් ඒක අපිට තේරනේනේ නෑ..
ඉතින් එහෙනම් අපි දෙන්නට දෙන්න අදහස් හුවමාරු කරගන්නනම් එක්කෝ අපි දෙන්නම දන්න පොදු භාෂාවක් යොදා ගන්න වෙනවා..නැත්තන් භාෂා පරිවර්ථකයෙක් ඕන වෙනවා..
ඒ වගේ තමා අපි පරිගනකයට උපදෙස් දෙන්න යද්දිත් එක්කෝ අපිට යාන්ත්‍රික භාෂාව ඉගෙන ගන්න වෙනවා..නැත්තන් භාෂා පරිවර්තකයෙක්ගේ සහය ගන්න වෙනවා..
ඒත් මෙතනදි ලොකුම ප්‍රශ්නේ තමා මේ භාෂා පරිවර්තකයට මේ ලොකේ තියන හැම භාෂාවම යාන්ත්‍ර භාෂාවට පරිවර්ථනය කරන්න බෑ..
මෙන්න මේ විදිහට භාෂා පරිවර්ථකයට හදුනගන්න පුලුවන් විදිහට හදපු භාෂාවක් Programming language එකක් විදිහට හදුන්වන්න පුලුවන්,
Python වගේ පරිගනක භාෂා වල භාවිතා වෙන්නේ Interpreter කියන භාෂා පරිවර්තකයා..මෙයාගේ තියන විශේෂත්වය වෙන්නේ අපි දෙන උපදෙසෙන් උපදෙසට යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම මෙයා සිදු කරනවා..
C,Pascal වගේ භාෂා වල compiler කියන භාෂා පරිවර්ථකයා භාවිතා වෙනවා..මෙයා කරන්නේ අපි දීලා තියන උපදෙස් ඔක්කෝම එකවර යාන්ත්‍ර භාෂාවට පරිවර්ථනය කරන එක..
එතකොට BASIC වගේ සමහර භාෂාවල මේ Compilers සහ interpreters කියන 2ම භාවිතා වෙනවා.
ගොඩක් ඉස්සර පාවිච්චි කරපු Assembly Language එකේදි Assembler කියන භාෂා පරිවර්ථකයා භාවිතා උනා..
කවුද මේ Programmers?
අද ගොඩක් අය හිතාගෙන ඉන්නේ programmer කෙනෙක් කියන්නේ පරිගනක මෘදුකාංග හදන කෙනෙක් විතරයි කියලා..ඒ උනත් ඇත්තටම programmer කෙනෙක් කියන්නේ නව නිපැයුම්කරුවෙක්..
අලුත් දෙයක් සැලසුම් කරලා ඒකට අදාල සැලැස්ම හදලා ඒ සැලැස්මට අදාලව පරිගනක වැඩසටහනක් ලියන එක තමා මේ programmer කෙනෙක් අතින් සිද්ද වෙන්නේ..
අනිත් අතින් අපි හැමෝම දන්න හැකර් කෙනෙක් බිහිවෙන්නෙත් මේ programmer කෙනෙක් තුලින්මයි..

ඒ උනත් හොදට මතක තියා ගන්න ඕන දෙයක් තමා Hollywood චිත්‍රපටිවල ඉන්නනේ ඔය අමුතුම විදිහම හැකර්ලා..ඒ කිවේ keyboard එකේ button 2ක් 3ක් ඔබලා සම්පූර්ණ පරිගනක ජාලයක්ම ආක්‍රමනය කරන අය ඉන්නවනේ..
ඒ උනත් ඇත්ත තත්වය ඊට ගොඩක් වෙනස් කියන එක හොදට තේරුම් ගන්න ඕනේ..මොකද ඔය කියනව වගේ ලේසියෙන් හැක් කරන්න පුලුවන්නම් අද වෙනකොට අන්තර්ජාලයක් කියල දෙයක් ඉතුරු වෙලා නෑ..
ඒ නිසා ඔයා හොද developper කෙනෙක් වෙන්න ඕන කෙනෙක්නම් හරි එහෙමත් නැත්නම් හොද Hacker කෙනෙක් වෙන්න ඕන නම් හරි අනිවාර්යෙන්ම ඉතා හොද programmer කෙනෙක් වෙන්න වෙනවා..
Python
හොදයි එහෙනම් ඔන්න මාතෘකාවට බහින්න තමා යන්නේ..Python කියන්නේ 1989 දි විතර Guido van Rossum කියන නෙදර්ලන්ත ජාතිකය විසින් නිර්මානය කිරීම අරඹපු ඉහල මට්ටමේ පරිගනක භාෂාවක්..මේ python භාෂාව නිර්මානය වෙන්න අඩිතාලම වැටුනේ ABC කියන පරිගනක භාෂාවෙන්..
ඔය වගේ හොද ඉතිහාසයක් මේ පරිගනක භාෂාව සතු වෙනවා..
ඇයි අපි Python තෝරා ගත යුත්තේ?
python තෝරා ගැනීමට හේතු ගොඩක් තියනවා..
- ඉගෙන ගැනීමට ඉතා පහසු හා සරල,එහෙත් බලවත් වීම
- මිනිස් භාෂාවට (English) වඩා සමීප වීම
- අඩු උපදෙස් ගනනකින් වඩා සංකීර්න වැඩසටහනක් වුවත් නිර්මානය කල හැකි වීම
- ඉහල රැකියා වෙලදපොලක් පැවතීම
- Windows,Linux,Unix,Mac OS X ආදී මෙහෙයුමු පද්ධති ගනනාවක් සමග ක්‍රියාකාරී වීම
- මෘදුකාංග නිර්මානයට මෙන්ම වෙබ් අඩවි නිර්මානයටද යොදාගත හැකි වීම
මේ වගේ වාසි ගොඩක් තියනවා..
Python ආධාරයෙන් නිමවූ ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ මෘදුකාංග
මේ පිලිබද සලකා බැලීමෙිදී පහත ක්ෂේත්‍ර වලදි ප්‍රධාන ලෙස මෙම භාෂාව ප්‍රයෝජනයට ගනී.
- අන්තර්ජාලය හා සම්බන්ධ වෙබ් අඩවි නිිර්මානයේදී
- විද්‍යාත්මක හා සංඛ්‍යයාත්මක කටයුතු වලදී
- අධ්‍යාපනික කටයුතු වලදී
- රූපක පරිශීලක අතුරුමුහුනත් සහිත මෘදුකාංග නිර්මානයට
- අනෙකුත් මෘදුකාංග නිර්මානයට
Google Search Engine,Facebook,YouTube,Yahoo,Bing ආදී සුප්‍රසිද්ද වෙබ් අඩවි නිර්මානයටද python යොදාගෙන ඇති බව ඔබ දන්නවාද?
තවද NASA ආයතනයේ දෛනික කටයුතු වලදී මෙන්ම වෙනත් ප්‍රසිද්ද මෘදුකාංග නිපදවීම සදහාද මෙම භාෂාව භාවිතා කර ඇත..ඒ පිලිබද වැඩිදුර තොරතුරු http://en.wikipedia.org/wiki/List_of_Python_software
එහෙනම් python language එක ගෙන ගැනීමේ ප්‍රෙයා්ජන තියනව කියල දැන් ඔයාලට පේනව ඇති..ඊලග ලිපියේ ඉදන් මුල ඉදන් Python Language එක ගැන ලිපි පල කරන්නම්..
Niyama post eka.godak wadagath.
ReplyDeleteSuperi
ReplyDeletegood intro
ReplyDeleteThank you guys!
ReplyDelete