සුභ දවසක් යාලුවනේ ඔයගොල්ලෝ හැමෝටම. මම ඔයාලට අද කියන්න යන්නේ තාක්ෂණික ලෝකයේ හා අන්තර්ජාලයේ සිදු වූ නවතම පෙරලියක්. ඒ තමයි Google translator සේවය සඳහා සිංහල භාෂාව එකතු කිරීම.
Google translator කියන්නේ යම් රටක භාවිතා වන භාෂාවක් තවත් භාෂාවක් බවට පත් කිරීමට යොදාගත හැකි online tool එකකි. උදාහරණයක් ලෙස ප්‍රංශ භාෂාවෙන් ඇති වාක්‍යයක් ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කිරීමට මෙය යොදා ගත හැක.
එසේම අද සිට මෙම Google translator සේවාව සඳහා සිංහල භාශාවද අද සිට ඇතුල් කර තිබේ. ඉංග්‍රීසී භාශාවෙන් ඇති වාක්‍යයක් සිංහලටත් සිංහලෙන් ඇති වාක්‍ය කොටසක් ඉංග්‍රීසී භාෂාවටත් පරිවර්තනය කිරීමට අද සිට ඔබට අවස්තාව ලැබේ. ඒ සඳහා මේ සබැඳියෙන් යන්න.
මෙහිදී මතක් කල යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. එනම් මෙම සේවය ලබා ගැනීමට Google සිංහල පරිවර්තනය සතිය හරහා Google සමාගම වෙත තම පරිවර්තන ලබා දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට හා එම සමාගමේ වැඩෙහි නියතු සියලුම ශ්‍රී ලාංකික පුදගලයින්ටත් අපගේ ප්‍රණාම හිමි විය යුතුය.
එසේම ඔබටත් මෙම පරිවර්තන සේවය සඳහා ඔබටත් දායක විය හැක. එනම් මෙහි ඔබ දකින වැරදි පරිවර්තන ඇත්නම් ඒවා පිලිබඳ එම සමාගමට දැනුම් දෙන්න.
එහෙනම් නැවත මෙවැනි post එකකින් හමු වෙමු. සුභ දවසක්.
๑۞๑,¸¸,ø¤º°`°๑۩ [ Good Bye ] ๑۩ ,¸¸,ø¤º°`°๑۞๑








0 comments:
Post a Comment