ඔන්න යාලුවනේ දවස් දෙකකට විතර පස්සේ අදත් මම එල post එකක් ගෙනාවා.ඔයාල හැමෝම දන්නවනේ සමහර web site , blog තියෙනවනේ ඒ Site එකේ right click කරන්න බැරි විධියට copy කරන්න බැරි විධියට හදල තියෙනවනේ.
මම අද කියල දෙන්න යන්නේ ඒ site වලින් අපිට ඕනි දේවල් copy කරන විදියයි.මේ ක්‍රමය web browser එකෙන් browser එකට වෙනස් වෙනවා.අපි ඉස්සරවෙලාම බලමු Google Chrome browser එකේ කොහොමද කරන්නේ කියල.
01. Google Chrome
ඉස්සරවෙලාම browser එකේ settings වලට යන්න.ඒ කරලා එන box එකේ තියෙන Show advanced settings යන්න click කරන්න.
ඊට පස්සේ Privacy කියන එක යටතේ ඇති Content Settings යන්න click කරන්න.
ඊට පස්සේ පල්ලෙහා රූපේ තියෙන විදියට එකක් එයි.එතන තියෙන "Allow all sites to run JavaScript"යන්න tick වෙලා තියෙයි.ඔයගොල්ලෝ එතනම යටින් තියෙන "do no allow any site to run JavaScript" යන්නට tick mark එකක් දමා Done කරන්න.(රූප පැහැදිලි නොමැතිනම් Photo එක උඩ click කරන්න.) එවිට ඔබට අවශ්‍ය වෙබ් පිටුව copy කරගත හැක.
02. Mozilla Firefox
Firefox Browser එකේ තියෙන Firefox කියන එක ඉස්සරවෙලාම click කරන්න.ඊට පස්සේ "web developer" කියන එක click කරන්න.(පහත රූපයේ පරිදි.)
ඊට පස්සේ කළු පාට කොටුවක් පහලින් ඒවි.ඊට පස්සේ එකේ තියෙන settings යන්න click කරන්න.ඊට පස්සේ Advanced settings යටතේ ඇති "Disable JavaScript" යන්නට tick mark එකක් යොදන්න.(රූපය අපැහැදිලි නම් එය උඩ click කරන්න.)
ඊට පස්සේ එම කළු පාට කොටෝ වසා දමා ඔබට copy කරන්න අවශ්‍ය වෙබ් පිටුව නැවත reload කරන්න.එවිට ඔබට අවශ්‍ය වෙබ් පිටුව copy කරගත හැක.
සැලකිය යුතුයි -: ඔබට අවශ්‍ය වෙබ් පිටුව copy කර ගැනීමෙන් පසු නැවත Java Script එක Enable කරන්න.
එහෙනම් අදට මම ගියා.කස්ටියටම <<<<<Good Luck>>>>> නැවත හමුවෙමු...Comment එකකුත් දාගෙනම යන්න.
0 comments:
Post a Comment