CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, April 7, 2015

Android Phones Root කරනවා කියන්නේ මොකද්ද?

අලුතෙන් Android Phones ගන්න ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න කීපයක් තියෙනවා,

ඒ අතරීන් වැඩි දෙනෙක් අහන්නේ,

*මොකද්ද මේ Android Phones Root කරනවා කියන්නේ
*Root කරාම ලැබෙන වාසි මොනවද?
*Root කිරීම අවදානම්ද?
*Root කරන්නේ කොහොමද?






ඉතින් ඒ නිසා අද අපි මේ post එකෙන් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නයි යන්නේ,

1) මුලින්ම අපි Root කරනවා කියන්නේ මොකද්ද කියල බලමු,

 Root කිරීම යනු Android උපාංග භාවිතා කරන්නන් හට Android OS එකේ විවිධ වූ උප පද්ධතීන් (Sub systems) වෙත ප්‍රවේශ වීමේ ("Root access" ලෙස හදුන්වයි") හා පාලන කිරීමේ වරප්‍රසාද සකසා ගැනීමේ ක්‍රියාවලියයි.

සරලවම කිව්වොත් බොහොමයක් Android Phones වල මෙහෙයුම් පද්ධතිය (Android os එක) භාවිතා කරන්නාට සිමා සහිතව පමණක් භාවිතා කල හැකි අතර,Root කිරීම මගින් මෙම සිමා සියල්ලම නැති වී යන අතර භාවිතා කරන්නාට අවශ්‍ය පරිදි Os එකෙහි වෙනස්කම් සිදුකල හැක.

Android වල   linux Kernel එක භාවිතා කරන අතර,Android Os එකක් root කිරීම linux Os එකෙහි administrative permissions තිබීම හා සමානය.




2)Root කිරීමෙන් ලැබෙන වාසි,

root කිරීම තුලින් OS එකෙහි උපරිම පාලනයත් ඒ වගේම පද්ධති ගොනු (system files) ප්‍රවේශය,පද්දති අංග වෙනස් කිරීම ආදිය වගේම පහත සදහන් වාසිදා අත්වේ,

*User interface එක(පරිශීලක අතුරුමුහුණත) අවශ්‍ය පරිදි වෙනස් කල හැකි වීම,Boot Animation වෙනස් කිරීම,Contacts,Dialer,Menu,battery indicator ආදී බොහෝ දේ වෙනස් කල හැකි වීම.

*මෙහෙයුම් පද්ධති ඝර්භයේ (OS Kernel),CPU එකෙහි සම්පූර්ණ පාලනය ලැබීම.(cpu එක over lock සහ under lockකල හැකි වීම)

*Applications සම්පූර්ණ වශයෙන් පාලනය කල හැකි වීම.Backup කිරීම,restore කිරීම,Applications Edit කිරීම,Bloat ware ඉවත් කිරීම ආදිය කල හැක.


*Tasker වැනි Application භාවිතා කොට සැකසුම් ස්වයංක්‍රීය කල හැකි වීම.

*නිල නොවන Android Versions දාන්න පුළුවන්(Custom Rom)

මිට අමතරව තවත් බොහෝ වාසි ඇත.




3)Root කිරීම අවදානම්ද ?


විශේෂයෙන් පැවසිය යුතු අවදානමක් නැති අතර,පහත සදහන් අවාසි අත්විය හැක,

*Phone එකට Official Updates නොපෙන්වීම.

*උපාංගයට ඇති වගකීම් අහෝසි වීම(Warranty)

*නිසි ආකාරව Root නොකිරීමෙන් උපාංගය Brick විය හැක(Soft Brick)



4) Root කරන ආකාරය,

Root කරන ආකාරය මෙතනින්,

,

0 comments:

Post a Comment